ප්‍රධාන පුවත්

යෝෂිත රාජපක්ෂ අභියාචනය හට නීතිපති විරෝධය

යෝෂිත රාජපක්ෂ අභියාචනය අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලූ අතර, එහිදී මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව තාවකාලිකව නතර කරන ලෙස කළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණේ, තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවතින නඩුව විභාගයට ගැනීම වළක්වන අතුරු නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලාය.

අභියාචනය සලකා බැලීම සඳහා අද කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අදාළ ඉල්ලීමට විරෝධය දක්වා කරුණු ඉදිරිපත් කළේය.

මෙම අභියාචනය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරියේදී තීරණය කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button