
සැප්තැම්බර් සිට සියලු පොදු ප්‍රවාහන රථ තත්ත්ව පරීක්ෂාවට
පොදු ප්‍රවාහන රථ තත්ත්ව පරීක්ෂාව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසයි.
එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන සියලුම වාහන නියමිත තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලදැයි සොයා බැලීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.
ඔහුගේ අදහස අනුව, මෙරට පොදු ප්‍රවාහනයේදී වාර්තා වන රිය අනතුරුවලට රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම වාහනවල පවතින තාක්ෂණික දෝෂ ද ප්‍රධාන හේතුවක් වී තිබේ. එම තත්ත්වය අවම කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බවද ඔහු සඳහන් කළේය.
එම බඳවා ගැනීම් අවසන් වූ පසු සැප්තැම්බර් මාසයේ අවසන් භාගය වන විට දිවයින පුරා පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන සියලු වාහන සඳහා තත්ත්ව පරීක්ෂාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



