ප්‍රධාන පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක පැමිණීම මේ වසරේ ජූලි 15 වනදා වන විට ලක්ෂ 12 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 ජනවාරි 1 සිට ජූලි 15 දක්වා කාලය තුළ මෙරටට සංචාරකයින් 1,236,695 දෙනෙකු පැමිණ තිබේ.

වසරේ වැඩිම මාසික සංචාරක පැමිණීම පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 279,328කි. එසේම ජූලි මාසයේ මුල් දින 15 තුළ පමණක් සංචාරකයින් 90,122 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

රට අනුව සැලකීමේදී වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 314,163කි. ඉන් අනතුරුව එක්සත් රාජධානියෙන් 117,844 දෙනෙකු, චීනයෙන් 81,665 දෙනෙකු සහ රුසියාවෙන් 78,276 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ සඳහන් වේ.

  • මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් රට උපයා ඇති ආදායම රුපියල් බිලියන 475.6ක් වේ. පසුගිය ජූනි මාසයේදී පමණක් සංචාරක ආදායම ලෙස රුපියල් බිලියන 50.5ක් උපයාගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button