කාලගුණය

ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං අනතුරු ඇඟවීම

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (18) දින සඳහා නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, එම ප්‍රදේශවල ස්වල්ප වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.

එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට අමතරව මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං හමා යාමේ හැකියාව පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button