
ප්‍රධාන පුවත්
රෝසි සේනානායක ජනපති කොමිසම හමුවට කැඳවූ හේතුව හෙළි කරයි
රෝසි සේනානායක ජනපති කොමිසම හමුවට අද (17) පෙරවරුවේ පැමිණියේ තම නගරාධිපති ධුර කාලයේ ක්‍රියාත්මක කළ ආහාර වවුචර් වැඩසටහන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බව ඇය ප්‍රකාශ කළාය.
කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා වංචා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට හිටපු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද කැඳවා තිබුණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති කාලයේ රජයේ ආයතනයක් වන සතොස හරහා අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති ජනතාවට ආහාර වවුචර් ලබාදුන් වැඩසටහන සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා තමන් කැඳවා තිබූ බවයි.
එහිදී අදාළ වැඩසටහන පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා තමන් පෙනී සිටි බවද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.



