
අධ්‍යාපන
ජාතික පාසල් ගුරු ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවයි
ජාතික පාසල් ගුරු ස්ථාන මාරු 2026 වාර්ෂික සහ අනිවාර්ය ස්ථාන මාරුවීම් සඳහා මාර්ගගත අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අදාළ අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජූලි 16 වනදා සිට ජූලි 30 වනදා දක්වා මාර්ගගත (Online) ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
මාර්ගගතව අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපත ජූලි 31 වනදා හෝ ඊට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතුය.
අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, ජාතික පාසල් ගුරු ස්ථාන මාරු සඳහා ගුරුවරුන් විසින් පෞද්ගලිකව රැගෙන එන හෝ තැපැල් මාර්ගයෙන් යොමු කරන කිසිදු අයදුම්පතක් භාර නොගන්නා බවයි.



