
ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි
ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි යනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී ඇති අතර, මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිතයින් 68,071 දෙනෙකු වාර්තා වී තිබේ.
එම කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් ඇති බවද එම ඒකකය සඳහන් කර ඇත.
මෙතෙක් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 21,538කි.
එමෙන්ම ජූලි මාසයේ ගතවූ දින කිහිපය තුළද රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතින අතර, දින 12ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 12,692ක් හඳුනාගෙන තිබේ.
පළාත් අනුව සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,823ක් ලෙස දැක්වේ.
ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 10,657ක්, සබරගමුව පළාතෙන් රෝගීන් 5,756ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,560ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.



