ප්‍රධාන පුවත්

ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය තාවකාලිකව අක්‍රීයයි

ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය තාවකාලිකව අක්‍රීයයි

ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව විසන්ධි වී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව, අදාළ දෝෂය නිවැරදි කරන තුරු නාගරික හෝ නාගරික නොවන ඕනෑම ප්‍රදේශයක සිදුවන ගිනි ගැනීම් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ,

”ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකයේ තාවකාලික විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරලා තියෙනවා.. විශේෂයෙන්ම නාගරික හෝ නාගරික නොවන ඕනෑම ගිනි ගැනීම අවස්ථාවක දී එම ගිනි ගැනීම් දැනුම් දීම සඳහා ක්ෂණිකව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන්න.. ඒ අනුව 117 අංකය අමතලා යම් ගිනි ගැනීම් අවස්ථාවක් ඇත්තම් ඒ පිළිබඳව දැනුම් දෙන්න .. මෙය තාවකාලික අවස්ථාවක් පමණයි..  එම තත්ත්වය නිවැරදි කරන තුරු ගිනි ගැනීම් අවස්ථාවන් පිළිබඳව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ එම අංකය හා සම්බන්ධ වෙන්න.. අපගේ නිලධාරින් ක්ෂණිකවම එම ගිනි ගැනීම් තත්ත්වයන් ගැන ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට දැනුම්දීම සඳහා අඛණ්ඩව කටයුතු කරනවා.. භාෂා ත්‍රිත්වයෙන්ම අප හා සම්බන්ධ විය හැකියි”

එම තාක්ෂණික ගැටලුව විසඳන තුරු ගිනි ගැනීම් පිළිබඳ හදිසි දැනුම්දීම් සඳහා 117 අංකය භාවිත කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button