යුද්ධ සහ ගැටුම්

හෝමුස් සමුද්‍ර සන්ධියේ ප්‍රහාරය අත්වැරැද්දක් බව ඉරානය කියයි

හෝමුස් නැව් ප්‍රහාරය අත්වැරැද්දක් බව ඉරානය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ප්‍රහාරයේ සම්බන්ධයෙන් ඉරානය විසින් එය තම පාර්ශ්වයෙන් සිදුවූ වැරැද්දක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින් වෙත පෞද්ගලිකව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගියදා හෝමුස් ප්‍රදේශයේදී වාණිජ නෞකා තුනක් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව අවස්ථා දෙකකදී ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කර තිබුණි.

එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති අතර, දේපොළ හානිද සිදුව ඇති බව සඳහන් වේ. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණි.

විදෙස් වාර්තා අනුව, වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාරය සාම සාකච්ඡා අඩාල කිරීමට උත්සාහ කරන කණ්ඩායමක් විසින් සිදුකර ඇති බව ඉරානය පවසා ඇත.

මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා ක්‍රියාවලියේදී හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවට ප්‍රකාශයක් සිදුකරන ලෙසත්, වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවට සහතික වන ලෙසත් අමෙරිකාව ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇතිවූ උණුසුම් තත්ත්වය නොතකා දෙපාර්ශ්වයම සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button