ගොසිප්

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වූ මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි යනුවෙන් වාර්තා වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම ජීවිතයෙන් සමුගෙන ඇති බව සඳහන් වේ.

මිය යන විට මරියසෙල් ගුණතිලක මහත්මිය 68 වැනි වියේ පසුවූවාය.

බටහිර ආරේ වේග රිද්ම ගීත සඳහා ප්‍රසිද්ධියක් හිමි කරගත් ඇය “කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “නෙළුම් මලේ පෙති කඩලා”, “කුමරාණනේ”, “යොවුන් සීන ලෝකේ” සහ “පහන් නොවන රැසක” ඇතුළු ජනප්‍රිය ගීත රැසකට සිය හඬ දායකත්වය ලබා දී තිබේ.

ඇයගේ අභාවය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට විශාල පාඩුවක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button