ගොසිප්

2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට – Femina Miss India World ජයග්‍රහණය

2026 වසරේ පැවැත්වුණු 61 වැනි Femina Miss India World තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ දිනාගැනීමට ගෝවා ප්‍රාන්තය නියෝජනය කළ සාධ්වී සතිෂ් සේල් සමත් වූවාය.

අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කළ මෙම අවසන් මහා තරඟය ඊයේ (18) පැවැත්වුණු අතර, තරඟයේ අවසානයේ ජයග්‍රහණය ඇය වෙත හිමිවිය.

සාධ්වී සතිෂ් සේල් නිරූපිකාවක් ලෙස පමණක් නොව සමාජ සේවිකාවක් ලෙසද ප්‍රසිද්ධියක් ලබා ඇති අතර, විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අරමුදල් රැස් කිරීම වැනි සමාජමය කටයුතුවල සක්‍රීයව නිරත වන්නියකි.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඇයගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ විවිධ පැතිකඩ දැකගත හැකි අතර, මන්දපෝෂණයෙන් පීඩිත දරුවන්ට සහ ශ්‍රවණ හා කථන ආබාධ ඇති දරුවන්ට සහය වීම සඳහා ඇය දක්වන කැපවීම විශේෂයෙන්ම අවධානයට ලක්වෙයි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button