ප්‍රධාන පුවත්

හෙද නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්: වංචාවලට හසු නොවන්න

හෙද නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්

හෙද නිලධාරීන්ට ස්ථාන මාරු සම්බන්ධයෙන් වංචනික ක්‍රියාවක් සිදුවන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ. හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, එවැනි පුද්ගලයන්ට හසු නොවන ලෙසත් අමාත්‍යාංශය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, වාර්ෂික ස්ථාන මාරු ලබාදෙන බව පවසමින් ඇතැම් පාර්ශව නීති විරෝධී ලෙස මුදල් ලබාගැනීමට කටයුතු කරන බවයි.

හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අදාළ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම අමාත්‍යාංශයේ බලයලත් නිලධාරියෙකුගෙන් ලැබෙන නිල ලිඛිත ඉල්ලීමකට හැර වෙනත් කිසිදු පාර්ශවයකට ස්ථාන මාරු සම්බන්ධ තොරතුරු ලබා නොදෙන ලෙසද හෙද නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙවැනි වංචා හෝ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙසද ලේකම්වරයා ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button