ප්‍රධාන පුවත්

භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් අත්අඩංගුවට

භූමිතෙල්වලින් ධාවනය කළ බස් රථ හතරක් අම්බලන්ගොඩ පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (07) පස්වරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී මෙම බස් රථ සොයාගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, ගාල්ල – කොළඹ සහ අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගවල ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථ හතරක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඉන් ඇතැම් බස් රථ සම්පූර්ණයෙන්ම භූමිතෙල් භාවිතයෙන් ධාවනය කර ඇති අතර, තවත් බස් රථවල ඉන්ධන සමඟ භූමිතෙල් මිශ්‍ර කර භාවිත කර ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම බස් රථවල රියදුරන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button