
ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි
ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා කොළඹ මහාධිකරණය හමුවේ අද භාරදී තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදෙනු ලැබීය.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අධිකරණය, ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කළේය.
එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබේ.
නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එය එළඹෙන අගෝස්තු 05 වනදා යළි කැඳවීමට ද අධිකරණය නියම කළේය.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම නම් කර ඇත.
අල්ලස් කොමිසම සඳහන් කළේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර ඉදිකිරීමක් හා සම්බන්ධ දේපළකට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, රජයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 88 ලක්ෂ 50 දහසක වන්දි ලබාගැනීම තුළින් දූෂණය සිදුකළ බවට සහ ඊට ආධාර අනුබල දුන් බවට මෙම චෝදනා ගොනු කර ඇති බවයි.



