ප්‍රධාන පුවත්

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය යළි උත්සන්න වී ඇති බව නවතම වාර්තා සඳහන් කරයි.

ඊයේ (05) පස්වරු 1.00ට පමණ එහි රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් පිරිසක් සහ දඬුවම් විඳින රැඳවියන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ බව පොලිසිය පවසයි.

එම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 38 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව සඳහන් වේ.

අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය ආරක්ෂක අංශ විසින් පාලනය කර තිබුණද, මේ වනවිට එහි නැවතත් නොසන්සුන්කාරී වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button