
දිවයින පුරා හමුදාවෙන් ඩෙංගු මර්දන දැවැන්ත මෙහෙයුමක්
හමුදාවෙන් ඩෙංගු මර්දන මෙහෙයුම යටතේ ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින ප්‍රදේශ ආවරණය කරමින් අද (05) දිවයින පුරා පිරිසිදු කිරීමේ සහ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රියාත්මක කළේය.
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කළ මෙම මෙහෙයුම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ සෘජු උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් භටයින් 2,026 දෙනෙකු එක්ව සිටියහ.
කොළඹ ගුණසිංහපුර, පෞද්ගලික බස් නැවතුම්පොළ, පිටකොටුව පාවෙන වෙළෙඳපොළ, කැලෑපොළ, දෙල්ගොඩ බස් නැවතුම්පොළ, පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානය, කාක දූපත ළමා උද්‍යානය, හෝමාගම, කඩුවෙල, බත්තරමුල්ල, නවගමුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අවට ප්‍රදේශ මෙන්ම ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල ඇතුගල, කෑගල්ල බස් නැවතුම්පොළ, වෙන්නප්පුව සහ පාලවිය ඇතුළු ප්‍රදේශ රැසක මෙම වැඩසටහන් ක්‍රියාත්මක විය.
මෙහෙයුම් අතරතුර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම, කැළිකසළ ඉවත් කිරීම සහ සිවිල් ජනතාව, පාසල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරිණි.
මෙම වැඩසටහන මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමත්, පිරිසිදු පරිසරයක් ගොඩනැගීමත් සඳහා ජනතා සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීම අපේක්ෂා කරන බව යුද්ධ හමුදාව සඳහන් කළේය.



