කාලගුණය

අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ රැසකට වැසි

අද කාලගුණ අනාවැකිය අනුව අද (ජූලි 05) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බව අපේක්ෂා කෙරේ.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි සඳහන් වේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමා යාමේ හැකියාවක් ද පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කිරීම සුදුසු වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button