ප්‍රධාන පුවත්

පාකිස්තාන ආරක්ෂක ලේකම් සහ අරුණ ජයසේකර අතර හමුව

පාකිස්තාන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් Muhammad Ali මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් ඊයේ (03) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

06 වැනි පාකිස්තාන–ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පසුගිය 01 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි Muhammad Ali මහතා මෙම හමුවට එක්විය.

සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, හමුදා සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරටටම වැදගත් උපායමාර්ගික ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය, ආපදා කළමනාකරණය සහ ආපදා අවදානම් අවම කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

ආපදා වැළැක්වීම, සූදානම්වීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීම, කාලගුණ අනාවැකි හුවමාරු කර ගැනීම සහ කලාපීය ආපදා කළමනාකරණ අභ්‍යාසවලට ඒකාබද්ධව දායක වීම පිළිබඳවද එකඟතාවකට පැමිණ තිබේ.

මෙම සාකච්ඡාව මඟින් දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අත්දැකීම් හා ප්‍රවීණත්වය හුවමාරු කර ගැනීමටද අවධානය යොමු වී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button