ප්‍රධාන පුවත්

කොළඹ කසළ ගැටලුවට ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාවක්

කොළඹ කසළ ගැටලුව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්

කොළඹ කසළ ගැටලුව සහ ඩෙංගු රෝග ව්‍යාප්තියෙන් මතුව ඇති අවදානම් තත්ත්වය පිළිබඳව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය උපරිම මට්ටමින් භාවිත කිරීමේ වැදගත්කම එහිදී ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

දැනට ක්‍රියාත්මක කසළ එකතු කිරීමේ වැඩපිළිවෙළ වඩාත් විධිමත් කරමින් සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමට බලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, කසළ ගොඩගැසී ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ද දැනුම් දී ඇත.

එමෙන්ම, අපද්‍රව්‍ය කළමනාකරණයේ පවතින අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා සියලු රාජ්‍ය ආයතන එක්ව කඩිනම් හා තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ පාරිසරික වශයෙන් යහපත් නගර පරිසරයක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය සහ කැපවීම අත්‍යවශ්‍ය බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

මෙහිදී වත්මන් අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, ඒවාට ස්ථිර හා තිරසාර විසඳුම් ලබාදිය හැකි ප්‍රායෝගික පියවර සහ දිගුකාලීන උපායමාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button