ප්‍රධාන පුවත්

ජාතික කාන්තා කොමිෂන් සභාව අගමැතිනිය හමුවේ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙහිදී ජාතික කාන්තා කොමිෂන් සභාව විසින් 2024 අංක 37 දරන කාන්තා සවිබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කර ඇත.

එමෙන්ම කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ඉදිරියට ගෙනයෑම පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ජාතික කාන්තා කොමිෂන් සභාව දරන භූමිකාවද මෙහිදී විශේෂයෙන් අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මෙහිදී කොමිෂන් සභාව ලබා ඇති ප්‍රගතිය අගය කරමින්, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සබලගැන්වීම වෙනුවෙන් එය කරන සේවය පිළිබඳ සිය ප්‍රසාදය ද පළ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button