සෞඛ්‍යය

නව යොවුන් අතර ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක්

නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් අතර ලිංගාශ්‍රිතව බෝවන රෝග (STI) සහ HIV ආසාදන වාර්තා වීමේ ප්‍රවණතාවක් ඉහළ යමින් පවතින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පෙර වසරවලට සාපේක්ෂව පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතරද එවැනි රෝගීන් හඳුනාගැනීමේ වර්ධනයක් නිරීක්ෂණය වී ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අදාළ අංශ සමඟ එක්ව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“HVI සහ STI (Sexually Transmitted Infections) කියන ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධයෙන් විශේෂයෙන් නව යොවුන් තරුණ තරුණියන් අතර, පෙර වසරවලට සාපේක්ෂව යම් වැඩිවීමක් තියෙනවා. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකකය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සමහර පාසල් සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තියෙන නිසා සහ සමහර විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන නිසා, අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡා කරලා, ළමා කටයුතු අමාත්‍යවරියත් සම්බන්ධ වුණා. රජය හැටියට අදාළ පාර්ශ්වයන් එකතු කරගෙන තිබෙන ප්‍රවණතාවයන් වළක්වා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. සමහර අය නොදැනුවත්ව ගොදුරු වූ බව ඔවුන්ගේ පැත්තෙන් කිව්වා.”

මේ අතර, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තිර භාවිතයට අධික ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් දරුවන් පසුකාලීනව විෂ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින බව මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පෙන්වා දෙයි.

ඔහුගේ අදහස අනුව, ඩිජිටල් තිරවලට අධික ලෙස ඇබ්බැහි වීමෙන් මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් එවැනි අහිතකර හැසිරීම් සඳහා දරුවන් පෙළඹීමේ ඉඩකඩ වැඩි විය හැකියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button