ප්‍රධාන පුවත්

ඉදිරි මාස 6ටත් ජල ගාස්තු වැඩි නොකිරීමට අවධානය

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසන්නේ, මේ වසරේ ඉදිරි මාස හය තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි.

ඔහු සඳහන් කළේ, වසරේ මුල් මාස හය තුළ ජල පිරිපහදු කටයුතු සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සැලකිය යුතු අමතර පිරිවැයක් දැරීමට සිදු නොවූ බැවින්, ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව නොමැති බවයි.

වාර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය සිදු කළද, මෙම වසරේ මුල් මාස හය සඳහා ද ගාස්තු වැඩි නොකිරීමට රජය තීරණය කර තිබුණි.

ජුලි 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදුවේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අපිට අදහසක් තියෙනවා මේ මාස 6 පිරිවැය කොතරම් වැඩි වුණාද කියන එක ගැන. ප්‍රධාන වශයෙන් තියෙන්නේ 18%ක විදුලිබිල වැඩිවීම විතරයි. ඉන්ධන මිල වැඩිවීම ඇත්තටම ජල පිරිපහදු කටයුතු සඳහා බලපාන්නේ නෑ. විදුලිය වැඩිවීම තමා බලපාන්නේ. නමුත් විදුලිය වැඩිවීම ජල ගාස්තුවේ 12%ක ප්‍රමාණයක් තමා විදුලිබිල තියෙන්නේ. ඒ නිසා 21% ප්‍රමාණය තමා 18%කින් වැඩිවුණේ. ඒක රු 2.50ක් වගේ ප්‍රමාණයක් ජල ඒකකයකට. ඒ නිසා මේ මාස 6 පිරිවැය ඉතා සුළු වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉදිරි මාස 6ටත් ජල ගාස්තුව සංශෝධනය නොවන්න තමා ඉඩ තියෙන්නේ.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button