ප්‍රධාන පුවත්

යටියන්තොට ට්‍රැෆික් OIC ගිනිඅවිය අතුරුදන්වීමේ සිද්ධියට අත්අඩංගුවට

යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා (Traffic OIC) රාජකාරි ගිනිඅවියක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙම අත්අඩංගුවට ගැනීම සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකර ඇති බවයි.

විමර්ශනවලට අනුව, පසුගිය 26 වැනිදා අදාළ උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරි සඳහා පිටත්ව යන අවස්ථාවේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් භාරගෙන ගොස් තිබූ අතර, පසුව එම ගිනිඅවිය සහ උණ්ඩ නිසි පරිදි භාරදී නොමැති බව අනාවරණය වී ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (28) රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button