
පොසොන් දන්සැල් 18,129ක් ලියාපදිංචි
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,129ක් ඊයේ (27) පස්වරුව වන විට ලියාපදිංචි කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, හෙට (29) සහ අනිද්දා (30) පැවැත්වෙන දන්සැල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක වන්නේද යන්න සොයා විශේෂ පරීක්ෂණ සිදු කරන බවයි.
එමෙන්ම පොසොන් කලාප ආශ්රිත ස්ථිර හා තාවකාලික වෙළඳසැල් ද සතිය පුරා සෞඛ්‍ය පරීක්ෂාවට ලක් කිරීමට සැලසුම් කර තිබේ.
අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සැල් 200කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවද චමිල් මුතුකුඩ මහතා පැවසීය.
ආහාර සුරක්ෂිතතාව සහ බෝවන රෝග වැළැක්වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් දන්සැල් සංවිධායකයන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර, එම උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



