
ප්‍රධාන පුවත්
පොසොන් උත්සවයට අනුරාධපුරය සූදානම්
ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සියලු සංවිධාන කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.
උත්සව සමයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිල ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරීන් 3,180 දෙනෙකු ඇතුළුව 3,500කට අධික පොලිස් නිලධාරීන් රාජකාරියට යොදවා ඇති බව උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා සඳහන් කළේය.
අද (28) රාත්‍රියේ පැවැත්වෙන ඓතිහාසික මිහිඳු පෙරහැරට සමගාමීව අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කෙරේ.
මේ අතර, පොසොන් උත්සවය නිමිත්තෙන් ප්‍රදේශය පුරා දන්සල් රැසක් සංවිධානය කර ඇති අතර, ඒවා පවත්වාගෙන යාමේදී මාර්ගයේ ගමන් කරන රථවාහන හා බැතිමතුන්ට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි කටයුතු කරන ලෙස පොලිසිය දන්සල් සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටී.



