
ප්‍රධාන පුවත්
පානීය ජල බෝතල්වල ඇසුරුම් කළ නීතිවිරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට
පොසොන් පොහෝ දිනය ඉලක්ක කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්පැන් තොගය පානීය ජල බෝතල් ලෙස ඇසුරුම් කර පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු සමඟ අදාළ නීතිවිරෝධී මත්පැන් තොගයද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



