
සාමවිනිසුරුවන්ට සජිත්ගෙන් සැර පණිවිඩයක්
දේශපාලඥයන් මෙන්ම සාමවිනිසුරුවන්ද ජනතා විශ්වාසය රැකෙන අයුරින් ස්වයං නියාමනයකට යටත්ව, ආචාරධර්ම පිළිපදිමින් සිය රාජකාරි ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
ධම්මපදයේ ඉගැන්වීම් අනුව තම පක්ෂයද කටයුතු කරන බව පැවසූ ඔහු, එම ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් පක්ෂයෙන් ඉවත් කිරීමටද පියවර ගන්නා බව සඳහන් කළේය. මෙම අදහස් ඔහු පළ කළේ අද (27) ප්‍රථම වරට පැවැති සමස්ත ලංකා සාමවිනිසුරු ප්‍රජා සංවර්ධන ජාතික සමුළුව අමතමිනි.
සාමවිනිසුරු සේවාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම සාමවිනිසුරු පදවිය සඳහා අධ්‍යාපන සුදුසුකම් වැදගත් වුවද, ගම්මානවල ප්‍රජා සේවයට කැපවී හැකියාව පෙන්වන අයටද එම අවස්ථාව හිමිවිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



