සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් 50,000 සීමාව පනී

දිවයින තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී ඇති අතර, දිස්ත්‍රික්ක 14කට එහි බලපෑම එල්ල වී ඇත. රෝහල් කිහිපයකම රෝගීන්ගේ සංඛ්‍යාව ධාරිතාව ඉක්මවා යාමේ තත්ත්වයක්ද වාර්තා වේ.

ඩෙංගු අවදානම පාලනය කිරීමේ අරමුණින් ඉහළ අවදානම් සහිත ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (26) තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්විණි.

එමෙන්ම, පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙවර පොසොන් දන්සල් සඳහා අනුමැතිය ලබාදීමේදී සෞඛ්‍ය ආරක්ෂක කොන්දේසි කිහිපයක්ද අනිවාර්ය කර තිබේ.

 

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button