ප්‍රධාන පුවත්

ගෝඨාභයගේ පෙත්සම ජූලි 6 දක්වා කල්යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අද (24) දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරි කරුණු සලකා බැලීම සඳහා පෙත්සම ලබන ජූලි 06 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button