ප්‍රධාන පුවත්

16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නියාමනය කිරීම අරමුණු කරගත් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට භාරදී තිබේ.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ඉදිරිපත් කර ඇති අතර, දරුවන් හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීම සහ සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

යෝජිත නීතිය අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සීමා කිරීම සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරයාට බලතල හිමිවනු ඇත. එසේම දිනකට භාවිත කළ හැකි කාලය සීමා කිරීම හෝ භාවිතයට අවසර දෙන නිශ්චිත වේලාවන් නියම කිරීමේ හැකියාව ද එමගින් ලබාදීමට යෝජනා කර ඇත.

නීතිය ක්‍රියාත්මක කිරීම සහ එහි අධීක්ෂණ කටයුතු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීම ද පනත් කෙටුම්පතේ ඇතුළත් කර තිබේ.

තවද, පනතේ සිංහල හා දෙමළ අනුවාදයන් අතර අර්ථ විරෝධතාවක් මතුවුවහොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බවද එහි දක්වා ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button