ප්‍රධාන පුවත්

කළුතර පොලිස් පරීක්ෂක අල්ලස් චෝදනාවට අත්අඩංගුවට

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයකට අදාළව අධිකරණයේ අපරාධමය චෝදනා ගොනු නොකිරීම සඳහා සැකකරු රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ඇති බව අනාවරණය වී ඇත.

වාර්තා වන පරිදි, එම මුදලින් රුපියල් ලක්ෂයක කොටසක් මීට පෙර ලබාගෙන ඇති අතර ඉතිරි රුපියල් ලක්ෂ 9 ලබාගැනීම සඳහා කළුතර ප්‍රදේශයේ හෝටලයකට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button