
පියවරුන්ගේ දිනය අද
ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අද (21) ලොව පුරා සමරනු ලබයි.
සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනට යෙදෙන මෙම දිනය, පියවරුන්ගේ ආදරය, කැපවීම සහ පවුල වෙනුවෙන් ඔවුන් සිදුකරන අමිල මෙහෙවර ඇගයීමට වෙන්කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස නම් කර නොමැති වුවද, ලොව බොහෝ රටවල් විවිධ ආකාරයෙන් මෙම දිනය සමරමින් පියවරුන්ට ගෞරව දක්වයි.
පියවරුන්ගේ දිනයේ ඉතිහාසය 1910 වසර දක්වා දිව යන අතර, එය මුලින්ම අමෙරිකාවේ ආරම්භ වූ බව සඳහන් වේ. මෙම සංකල්පය ප්‍රචලිත කිරීමට මූලික වූයේ Sonora Smart Dodd නම් කාන්තාවයි. සිය මවගේ අභාවයෙන් පසු දරුවන් හයදෙනෙකු තනිවම ඇතිදැඩි කළ තම පියාගේ කැපවීම ඇගයීමේ අරමුණින් ඇය මෙම අදහස ඉදිරිපත් කර තිබුණි.
1910 වසරේ අමෙරිකාවේ Spokane නගරයේ පළමු නිල සැමරුම පැවැත්වූ අතර, පසුව 1972 වසරේදී එවකට ජනාධිපති Richard Nixon විසින් පියවරුන්ගේ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
පවුලේ යහපත වෙනුවෙන් නිහඬව කැපවන පියවරුන්ගේ ආදරය බොහෝවිට වචනවලින් නොව ක්‍රියාවන්ගෙන් ප්‍රකාශ වේ. ඔවුන්ගේ දහඩිය, කැපවීම සහ නොසැලෙන ශක්තිය පවුලක ශක්තිමත් පදනමක් බවට පත්වෙයි.
අම්මා සෙවණක් සේ රැකවරණය සලසන විට, පියා ජීවිතයට ශක්තිය හා ආලෝකය එක් කරන හිරුකිරණයක් ලෙස සැලකේ. එබැවින් අද දිනය, පියවරුන්ගේ ආදරය, කැපවීම සහ නිහඬ සටන කෘතවේදීව සිහිපත් කරන විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ.



