
දකුණු අප්‍රිකාවේ HIV මර්දනයට දුන් අමෙරිකානු සහාය අත්හිටුවයි
දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා ලබාදෙමින් සිටි මූල්‍ය ආධාර නතර කිරීමට අමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව වැඩිම HIV ආසාදිත පිරිසක් වාර්තා වන රටක් ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ HIV ආසාදිතයන් මිලියන 8කට අධික සංඛ්‍යාවක් ජීවත්වන බව සඳහන් වේ.
අමෙරිකාව මෙම පියවර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ සුළුතර සුදු ජාතික අප්‍රිකානු ප්‍රජාවට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට එරට රජය අසමත් වී ඇති බවට එල්ල වන චෝදනා පදනම් කරගෙන බව වාර්තා වෙයි.
කෙසේවෙතත් එම චෝදනා දකුණු අප්‍රිකානු රජය විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
2025 වසර දක්වා දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අමෙරිකාව ජනාධිපති හදිසි අරමුදල හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් ලබාදී තිබූ බවද වාර්තා වේ.
මේ අතර, වත්මන් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතර සබඳතා දුර්වල වී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.



