අධ්‍යාපන

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් සති දෙකකින්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) 2025 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අපේක්ෂිත දිනයට වඩා ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ප්‍රතිඵල ජුනි 15 වනදා නිකුත් කිරීමට මුලින් සැලසුම් කර තිබූ නමුත් ඇතැම් පරිපාලන කටයුතු හේතුවෙන් එය කල් යා හැකි බවයි.

කෙසේවෙතත්, ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර ඉදිරි සති දෙක ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

2025 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වුණු අතර, එයට අයදුම්කරුවන් 451,463 දෙනෙකු පෙනී සිටියහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button