ප්‍රධාන පුවත්

රාජාංගනේ සද්ධාරතනට නාඳුනන පිරිසකගෙන් පහරදීමක්

භික්ෂුත්වයෙන් නෙරපා හරින ලද රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, පසුගිය ජුනි 06 වැනිදා රාත්‍රී කාලයේදී මෙම සිද්ධිය වාර්තා වී ඇති බවය. මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු වෑන් රථයකින් පැමිණ මෙම පහරදීම සිදුකර පලාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ චීවරධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, සිද්ධියට හේතු වූ කරුණු හෝ සැකකරුවන්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button