කාලගුණය

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීමක්

දිවයිනේ දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සඳහන් කළේ අද (12) පෙරවරු 4.00 සිට හෙට (13) පෙරවරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවය.

ඒ අනුව, ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බවට දැනුම්දෙන පළමු මට්ටමේ (කහ පැහැති) අනතුරු ඇඟවීම පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ක්‍රියාත්මක වේ.

කළුතර දිස්ත්‍රික්කය

  • පාලින්දනුවර

මහනුවර දිස්ත්‍රික්කය

  • දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය

  • පැල්මඩුල්ල

  • අයගම

  • රත්නපුර

  • ගොඩකවෙල

  • කලවාන

  • නිවිතිගල

අදාළ ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස බලධාරීන් ඉල්ලීමක් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button