කාලගුණය

අද ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (12) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද වැසි තත්ත්වය වැඩි වශයෙන් බලපානු ඇති අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පවා ලැබිය හැකි බව සඳහන් වේ.

හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන අතර, ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00ට පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බව ද කාලගුණ අංශ පෙන්වා දෙයි.

සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු සහ හදිසි සුළං තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button