
ප්‍රධාන පුවත්
ඌව පළාතේ අවුරුදු 5ට අඩු දරුවන් අතර මන්දපෝෂණය ඉහළම මට්ටමේ
මෙරට අවුරුදු 5ට අඩු දරුවන් අතර මන්දපෝෂණය වැඩිම වශයෙන් වාර්තා වන්නේ ඌව පළාතෙන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය සඳහන් කරයි.
ඇය මෙම අදහස් පළ කළේ ඊයේ (10) පෝෂණයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සමගාමීව බදුල්ල ශික්ෂණ රෝහලේ සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මන්දපෝෂණය පමණක් නොව, අධිපෝෂණය හෙවත් අවශ්‍යතාවයට වඩා ශරීර බර වැඩිවීමේ ගැටලුවද ඌව පළාත තුළ සැලකිය යුතු ලෙස දක්නට ලැබෙන බව ඇය පෙන්වා දුන්නාය.
එම තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස ජනතාවගේ පෝෂණය පිළිබඳ දැනුවත්භාවයේ අඩු මට්ටම හඳුනාගෙන ඇති බවද වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.



