කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදීත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ද අපේක්ෂා කෙරේ.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත් සමඟ හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනෙකුත් ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා හදිසි තද සුළං හේතුවෙන් අනතුරු ඇතිවිය හැකි බැවින්, ඒවා අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button