
පාලමක් නිසා මන්ත්‍රී සහ සභාපති අතර මතගැටුමක්
දිට්වා ආපදාවෙන් හානි වී අඹන්ගඟකෝරලේ කොහිලවත්ත පාලම භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්ව මාස හතක් ගතව තිබියදීත් එය ප්‍රතිසංස්කරණය නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අද (08) විරෝධතාවක නිරත වූහ.
රත්තොට – ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවැති මෙම විරෝධතාවට එක් වූ ජනතාව පෙන්වා දුන්නේ පාලම කඩාවැටීම හේතුවෙන් ගම්මාන හයක පවුල් 800කට ආසන්න පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
විරෝධතාව පැවැති ස්ථානයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සහ අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. ස්වර්ණකුමාර මහතා ද පැමිණ සිටියහ.
එහිදී පාලම ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළ අතර, ඒ සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් සංවාදයක් ඇති වූ බව වාර්තා වේ.
පසුව මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් කරුණු විමසා ඇත.
ඒ අනුව සතියක් ඇතුළත පාලමේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට එකඟතාව පළ වූ අතර, ඉන් අනතුරුව විරෝධතාවයේ නිරත වූ ජනතාව විසිර ගොස් ඇති බව සඳහන් වේ.



