ප්‍රධාන පුවත්

අම්බලන්ගොඩ ෆේස්බුක් සාදයකදී 28ක් දැලේ

අම්බලන්ගොඩ පෝනදූව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී සැකකරුවන් 25 දෙනෙකු සහ සැකකාරියන් 3 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම අතරතුර ඔවුන් සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 225ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 125ක්, ගංජා ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් සහ නීතිවිරෝධී සිගරට් තොගයක්ද සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 18 සිට 44 දක්වා අතර පසුවන අතර, බටපොල, ඌරගස්මහංදිය, බලපිටිය, හෝමාගම, බේරුවල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button