
ප්රධාන පුවත්
ඇහැලියගොඩ OIC ඇප මත මුදාහැරේ
රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇප මත නිදහස් කර තිබේ.
ඔහු අද (04) අවිස්සාවේල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර, පැමිණිලිකරුවන්ට හෝ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් නොකරන ලෙසද අධිකරණය දැනුම්දී තිබේ.
මැණික් ගලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී, සාක්ෂිකරුවන් සහ සැකකරුවන් සතුව තිබූ මුදල් බලහත්කාරයෙන් ලබාගෙන නිසි විමර්ශන කටයුතු සිදු නොකළ බවට එල්ල වූ චෝදනා මත ඔහු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබුණි.



