ප්‍රධාන පුවත්

වාර ටිකට් ප්‍රමාදයෙන් දුම්රියට ලක්ෂ 10ක පාඩුවක්

රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අප්‍රේල් සහ මැයි මාසවලදී නියමිත වේලාවට නිකුත් නොවීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 10කට වැඩි ආදායම් අහිමිවීමක් සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ අතිකාල දීමනා සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් මෙම ප්‍රමාදය ඇති වූ බවයි.

ඔහු පෙන්වා දෙන්නේ වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීමත් සමඟ රාජ්‍ය සේවකයින් අතර එම ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ උනන්දුවද අඩුවී ගිය බවත්, ඒ හේතුවෙන් දෙපාර්තමේන්තුවට මූල්‍යමය බලපෑමක් එල්ල වූ බවත්ය.

ඒහිදී වැඩිදුර අදහස් දැක්වූ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ,

“දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් සහ මැයි යන මාස දෙකේම රාජ්‍ය සේවකයින් සඳහා සහනදායී ලෙස ලබාදෙන වාර ප්‍රවේශපත්‍ර ඔවුන් වෙත නිකුත් කිරීම සඳහා ප්‍රමාද වීම සිද්ධ වුණා. අතිකාල ගැටලුවක් පදනම් කරගෙන තමයි අදාළ සිදුවීම සිද්ධවුණේ. ඒ් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අප්‍රේල් මාසයේදීත් යම් අපහසුතාවයන්ට ලක්වෙන්න සිද්ධවුණා.මොකද දුම්රිය ස්ථානවල පලවෙනිදා සිට 10 දක්වා පමණයි ඒ් අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ. නමුත් මැයි මාසයේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා වලංගුවෙලා තියෙන ඒ් අදාළ රජයේ සේවකයින් සඳහාවන ප්‍රවේශපත්‍ර මැයි 10දක්වා දීර්ඝ කරනවා එක් අවස්ථාවක. ඊට පස්සේ නැවත එම දිනය මැයි 10 දක්වා නිකුත් කරනවා. ඊට පසුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මසදී ලබාගත්ත ප්‍රවේශපත්‍රය නැවතත් මැයි මස 25වනිදා දක්වා වලංගු කරනවා. ඒ් හරහා රජයේ සේවකයන්ට පසුගිය මැයි මාසයේදී එන්න හැකි වුණේ දවස් 3ක් විතරයි. එහිදී ඔවුන් අදාළ මුළු මුදලම ගෙවලා ප්‍රවේශපත්‍රය ලබා ගත්තේ නෑ. බොහෝ ප්‍රවේශපත්‍ර අවලංගු කරන්න සිද්ධවුණා. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 10 කට අධික පාඩුවක් සිද්ධ වුණා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button