
ඉරානය බලා ගිය තෙල් නෞකාවකට අමෙරිකාවෙන් Hellfire ප්‍රහාරයක්
ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු හමුදාව විසින් එල්ල කළ Hellfire මිසයිල ප්‍රහාරයකින් අක්‍රීය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ඉරානයට එරෙහි නාවික අවහිර කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස සිදුකර ඇති බව සඳහන් වේ.
අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිකුත් කළ වීඩියෝ දර්ශනවලට අනුව, බොට්ස්වානා ධජය යටතේ ධාවනය වූ M/T Lexie නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරමින් මිසයිලය එල්ල කර ඇති අතර, පැය 24ක් පුරා ලබාදුන් අනතුරු ඇඟවීම් නෞකාවේ කාර්ය මණ්ඩලය නොසලකා හැර තිබූ බවද ප්‍රකාශ කර ඇත.
ඒ අනුව නෞකාව ඉරානයේ Kharg දූපත වෙත ළඟාවීම වැළැක්වීම සඳහා එහි එන්ජින් පද්ධතිය අක්‍රීය කළ බව CENTCOM සඳහන් කරයි. අප්‍රේල් 13 දින ආරම්භ කළ මෙම මෙහෙයුම යටතේ අක්‍රීය කළ හයවැනි නෞකාව මෙය වන අතර, තවත් නෞකා 122ක් වෙනත් මාර්ග වෙත හරවා යවා ඇති බවද වාර්තා වේ.



