ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ජුනි 26දා යළි කැඳවයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ජුනි 26 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

නඩුව විභාගයට දින නියම කිරීම සඳහා එදින එය කැඳවීමට මහාධිකරණය තීරණය කර ඇත.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය ලබාදී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button