
අද විශේෂ
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට නිලන්ත ප්‍රේමරත්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ.
අදාළ පත්කිරීම ඊයේ (29) සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව වාර්තා වේ.
මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මෙතැන් සිට යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස රාජකාරි කටයුතු ඉටු කිරීමට නියමිතය.



