
රජයේ වතු ඉඩම් ආයෝජනයට දෙවන අදියර ඇරඹේ
ඌණ උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනය සඳහා ලබාදීමේ දෙවන අදියර ආරම්භ කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කළ, ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා ඵලදායී ලෙස භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ අනුව ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ සංවර්ධනය කිරීම සඳහා ආයෝජන අවස්ථා විවෘත කර ඇත.
මෙම ව්‍යාපෘති සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කැඳවා ඇති අතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා ඒ අතරට අයත් වේ.
අමාත්‍යාංශය පවසන්නේ ආයෝජන සඳහා ඉඩම් ප්‍රමාණ කාණ්ඩ 5ක් යටතේ වෙන් කර ඇති බවයි.





