
විදෙස්
විජේ නවදිල්ලියේදී මෝදි හමුවෙයි
තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ මහතා අද (27) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලියේදී හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී තමිල්නාඩු ප්‍රාන්තයට අදාළ වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වූ බවය.
තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වීමෙන් අනතුරුව විජේ මහතා නවදිල්ලිය වෙත සිදුකළ පළමු නිල සංචාරයද මෙය ලෙස සැලකේ.
මෙම හමුවේදී සුබසාධන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම, ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම සහ මතභේදාත්මක Mekedatu ජලාශයේ ජල ගැටලුව සම්බන්ධයෙන් මධ්‍යස්ථ මැදිහත්වීමක් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදී ඇති බවද සඳහන් වේ.



