
ව්‍යාපාරික
මහ බැංකු පොලී අනුපාතය 8.75% දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100කින් ඉහළ දමා 8.75%ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණය ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති අතර, දේශීය හා ජාත්‍යන්තර ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි අවදානම් සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බව මහ බැංකුව සඳහන් කරයි.
ආර්ථිකයේ ඉදිරි ගමන් මග සම්බන්ධ විවිධ දත්ත හා ප්රවණතා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම පොලී අනුපාත සංශෝධනය සිදුකර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
මීට පෙර මෙම වසරේ මාර්තු මාසයේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% මට්ටමේ පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබුණි.



