කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බැවින්, ඉදිරි දින කිහිපය තුළ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි පතිත වීමේ හැකියාවද පවතින බව සඳහන් වේ.

එමෙන්ම ඌව පළාත සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00ට පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිවේදනය කර ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තරමක තද සුළං ද හමනු ඇති බව අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button